Loading...

සෝභිත හිමිගේ සුපිරි රථය අතුරුදන්ලු

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් භාවිත කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථය අතුරුදන් වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව මිරිහාන පොලීසිය ඒ පිළිබඳව විමර්ශන මෙහෙයවන බවයි.

පැමිණිල්ල සිදුකර ඇත්තේ කෝට්ටේ නාග විහාරවාසී පූජ්‍ය උඩතලකන්දේ ආරියරත්න හිමියන් ඇතුළු දායකයන් පිරිසක් විසිනි.

මීට මාස හතකට පමණ පෙර සිට අදාළ මෝටර් රථය අතුරුදන් වී ඇති බව එම පැමිණිල්ලේ සඳහන්ය.
Related Posts Plugin for WordPress, Blogger...