ස්මිත් නෝනාගේ හෙලුවැලි ව්‍යායාම පන්තිය

බ්‍රිතාන්‍යයේ ප්‍රකට ක්‍රීඩා උපදේශිකාවක වන හෙලන් ස්මිත් නැමැත්තිය විසින් පුද්ගලයන්ගේ ශරීර සෞඛ්‍යය වර්ධනය කිරීම සඳහා අපූරු ව්‍යායාම පන්තියක් ආරම්භකර තිබෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ ක්‍රීඩා උපදේශිකාව මෙන්ම පන්තියට සහභාගිවන්නන්ද නිර්වස්ත්‍රව ව්‍යායාම කිරීමයි. මේ අපූරු ව්‍යායාම පන්තියේ පළමු දිනය පසුගිය සතියේ දිනෙක පැවැත්වුණු අතර එම පන්තිය සඳහා අවරුදු 33ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයන් දස දෙනකු සහභාගි වී තිබුණා. මේ පන්තිය තුළ ව්‍යායාම කිරීම සඳහා කාන්තා, පිරිමි දෙපාර්ශ්වයේම අය පැමිණ තිබුණා.


පුරා හෝරාවක කාලයක් පැවැත්වුණු ව්‍යායාම පන්තිය අතරවාරයේ ලබාගත් පින්තූර අන්තර්ජාලයට මුදාහරිමින් ස්මිත් නෝනා කියා තිබුණේ එය ඉතාම අනර්ඝ අත්දැකීමක් වූ බවයි.

“නිර්වස්ත්‍රව ව්‍යායාම කිරීමේදී පුද්ගලයන් තුළ තම තමන්ගේ ශරීර ගැන තිබෙන අවතක්සේරුව නැතිව යනවා. එකිනෙකාට ව්‍යායාම තුළින් ලැබෙන ප්‍රතිඵල අන්‍යෝන්‍ය වශයෙන් බලාගන්නත් පුළුවන් වෙනවා.අනෙක් අතට ක්‍රීඩා උපදේශිකාව නිවැරදිව ශරීරය හසුරුවන ආකාරය බලාගැනීමට සහ තමන්ටත් නිවැරදි ඉරියව් ඉගෙන ගැනීමට පහසු වෙනවා.” ස්මිත් නෝනා නිර්වස්ත්‍ර පින්තූරවලට එවැනි පසු සටහනක් එකතු කර තිබුණා.

මීළඟ පන්තිය සඳහා සාමාජිකයන් බඳවාගන්නා බැවින් පන්තියට සහභාගි වෙන්නට කැමැති අය අයදුම්පත් යවන්න තාමත් ප්‍රමාද වැඩි නැහැ.

(සාවිත්‍රි විතානගේ)