පොලිස් කොමිසමේ නව සභාපති මනතුංග

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච්. මනතුංග පත්කර තිබේ.ඔහු ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

පී.එච්. මනතුංග ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වෙයි.ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපති සිරී හෙට්ටිගේ සිය ධුරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය.