විමල් දෙවැනි පොත ලිවීම අරඹයි

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් එම කාලය තුල රචනා කරන ලද පලමු කෘතියේ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් රචනා කර ඇති එහි අත් පිටපතේ කොල 170ක් පමණ වෙතැයි මන්ත‍්‍රිවරයාගේ සුවදුක් බැලීමට ගිය විපක්‍ෂ මන්ත‍්‍රීවරොයක් හා පවසා තිබේ.

බන්ධනාගාරයේ සිට සිය දෙවැනි කෘතියද ලිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර ජීවිතය හා එහි අත්දැකීම් ගැන එහි සටහන් කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.