බස්වල හිඟා කන අයට දඩ ගහන්න

බස් රථවල හිඟා කෑම සහ වෙළෙදාම් කිරීමට විරුද්ධව දඩ මුදල් පනවන මෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් 1951 මෝටර් රථ ආඥා පනතේ සඳහන් එම වැරැදි සම්බන්ධව රුපියල් 5,000ක දඩ නියම කරන ලෙසද ඉල්ලා සිටියි.