විමල්ගේ ප්‍රෙෂර් වැඩි වෙයි

ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, විමල් විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පසුගිය 10 වැනිදාය. එදා සවස සිටම ඔහුගේ සුවදුක් විමසීම පිණිස දේශපාලඥයෝ, කලාකරුවෝ විද්වත් වෘත්තිකයෝ ඇතුළු බොහෝ පිරිසක් ගියහ.

විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරගත වූදා සිටම රැඳී සිටින්නේ සිරමැදිරිකය. පසුගිය දිනවල ඔහු පරීක්ෂකර බැලූ බන්ධනාගාර වෛද්‍යවරුන් පැවසූවේ රුධිර පීඩන මට්ටම වැඩිවී ඇති නිසා රෝහල්ගතවන ලෙසය. එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළ විමල් වීරවංශ මහතා රෝගී තත්ත්වය සඳහා රෝගී තත්ත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පමණක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහු මේ දිනවල බෙහෙත් බොමින් සිරමැදිරිය තුළම කාලය ගෙවමින් සිටී. ඉහත අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි ඇතැමෙකුට එම අවස්ථාව අහිමිව ගොස් තිබිණි.

කෙසේ නමුත් දීර්ඝ කාලයකට පසුව තමන්ට ලැබුණු මෙම විවේක කාලය වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමේ එක් පියවරක් ලෙස විමල් වීරවංශ මහතා මේ දිනවල පොතක් ලිවීමේ කටයුත්තකද නිරතව සිටී. බටහිර බලය සහ ලංකාවේ ඉරණම, නැත්ත වෙනුවට ඇත්ත, ගරු කථානායකතුමණි, යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි හා වන්නිය, ජිනීවා හා නිව්යෝර්ක්: දෙමළ ඊළාම් මාර්ග සිතියම යන කෘතිවල කතුවරයා වන විමල් මේ සිරකුටියේ සිට ලියන්නේ සිය 6 වන ග්‍රන්ථයයි.