ට්‍රම්ප්ගේ දේශනයෙන් ඊළාම් ඩයස්‌පෝරාව කැලඹේ

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමේ උත්සවයේදී කළ දේශනය නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමකට ලක්‌වී ඇත.

විදේශ රටවල ප්‍රශ්නවලට මැදිහත් නොවන බවට ට්‍රම්ප් තරයේ පැවසීමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඉදිරිපත් කිරීමට සහාය වූ ඊළාම් ඩයස්‌පෝරා සංවිධාන 10 ක්‌ අර්බුදයට මුහුණපා තිබේ.

මෙම ජිනීවා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති කෙයින් හාපර් සහ ජිනීවාහි ඇමරිකානු තානාපතිනි විධනි සේනිද සිය ධුරවලින් ඉවත්ව ගොස්‌ ඇත.

මෙම තානාපතිවරුන් දෙදෙනාම ඊළාම් ඩයස්‌පෝරාව සමඟ දැඩි සබඳකම් පවත්වා තිබේ.

මේ නිසා ඊළාම් ඩයස්‌පෝරාව ලබන සතියේ දී මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් හමුවීමට නියමිතය.