ඉන්දියාවෙන් ගුවන් යානයක් ඇවිත් මාලිංගව අරං යයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව ඉන්දියාවෙන් එවන ලද පුද්ගලික ගුවන් යානයකින් මුම්බායි බලා පිටත්ව ගොස්‌ තිබේ.

ලබන අප්‍රේල් මස ආරම්භ වීමට නියමිත අයි.පී.එල් තරගාවලියේ මුම්බායි කණ්‌ඩායම තේරීම සහ වේග පන්දු යවන්නන් පිළිබඳ අදහස්‌ දැන ගැනීමට ඇතුළු තවත් විශේෂ රාජකාරී කිහිපයක්‌ හේතුකොට ගෙන මාලිංගව මුම්බායි නුවරට ගෙන්වා ගැනීමට මුම්බායි හිමිකරු මුකේෂ් අම්බානි මහතා තීරණය කොට ඇතැයි සඳහන් වේ. රත්මලාන ගුවන් තොටුපළට අදාළ පෞද්ගලික ගුවන් යානය පැමිණ තිබේ.

ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලසිත් මාලිංගට ලබාදුන් වාර්ෂික ක්‍රිකට්‌ කොන්ත්‍රාත්තුවද ප්‍රතික්‌ෂේප කිරීමට ඔහු පසුගියදා කටයුතු කළේය.

පාදයේ ආබාධයක්‌ හේතුවෙන් ලසිත් මාලිංග පසුගිය විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේ සිට ක්‍රිකට්‌ ක්‍රීඩා නොකළ අතර ඔහු මීට සති කිහිපයකට උඩදී ඩෙංගු රෝගයටද ගොදුරු විය. කෙසේ වෙතත් ලසිත් මාලිංග මෙවර මුම්බායි කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බවද වාර්තා වේ. මුම්බායි කණ්‌ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනු ලබයි.