ගුවන් මගීන්ගේ අසූචි නාමුද?

පාරේ යන එන විට කපුටන්ගේ අසූචි ප්‍රහාරවලට නිරන්තරයෙන් ලක්වීම ලංකාවේ අපට අරුමයක් නමෛයි. කපුටු අසූචි ඉවසුවාට, මිනිස් අසූචි හිස මතට වැටීම ඉවසන්න අමාරුයි නේද?

ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටු‍පොළ අවට නිවැසියන්ගේ වහල මතට සහ හිස මතට ගුවන් මගීන්ගේ අසූචි පිරවූ මලු මුදාහරින බවට ඉන්දීය අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරුණා.
එම පෙත්සමේ සත්‍යතාව තහවුරු කරගත් පසුව මිනිස් අසුචි ගුවනේ දී පිටතට මුදා හරින ගුවන් යානාවලට ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ දඩයක් නියම කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කළා.

ගුවන් යානා තුළ ඇති වැසිකිළිවලට මිනිසුන් පහකරන අසූචි තාවකාලිකව ගබඩා කෙරෙන්නේ ඒ සඳහාම ඇති විශේෂ ටැංකියකයි. ගුවන් යානා ගොඩබෑමෙන් අනතුරුව ඒ ටැංකි තුළ ඇති අසූචි ගුවන්තොටු‍පොළේ වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. කෙසේ නමුත් උඩු ගුවනේ දී මේ ආකාරයට නිවාස මතට අසූචි මලු මුදාහැරීම සුලබ ලෙස වාර්තාවන්නේ ඉන්දියාව දෙසින් පමණයි.

සඳමාලි වර්ණසූරිය