පුටින් - මෛත්‍රී හමුවක්‌

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙස නම් වී ඇති රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර හමුවක්‌ ලබන මාර්තු මාසයේ දී සිදුවන බව රුසියානු ආරංචි මාර්ග පවසයි.

නොබැඳි සමුළුවෙන් පසු රුසියානු රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු හමුවන මුල් අවස්‌ථාව මෙයයි.රුසියාවට පැමිණෙන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇරයුම් කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයායි.

ශ්‍රී ලංකා සහ රුසියා රාජ්‍ය නායකයන් හමුවේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව නඟාසිටුවීම සඳහා රුසියානු සහාය ලබාගැනීම ගැනද වෙනත් ද්වීපාර්ශවික කරුණු ගැනද සාකච්ඡාවට ලක්‌වන බව ඉහළ පෙළේ රුසියානු ආරංචි මාර්ග පැවසීය.

වන්නි මෙහෙයුම සමයේ ශ්‍රී ලංකා හමුදාවට බී. එම්. ටී. යුධ ටැංකි සැපයුවේ රුසියාවයි.ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉදිරිපත් වූ ජිනීවා යෝජනාවට එරෙහිව රුසියාව දැඩි විරෝධය දක්‌වා තිබුණි.