භූමිතෙල් රුපියල් 5කින් අඩු කෙරේ

භූමි තෙල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් අඩු කර ඇත. ඒ අනුව දැනට ලීටරය රුපියල් 49ක් වන භූමි තෙල් මිල රුපියල් 44ක් දක්වා අඩු වනු ඇත.

2017 අයවැය මඟින් භූමිතෙල් ලීටරයක් ජනවාරියේ සිට රුපියල් 5කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.ඒ අනුව මෙම මිල අඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබේ.