ගොයම් ගසකින් වී කිලෝ 2ක්

එක් ගොයම් ගසකින් වී කිලෝ දෙකකට වැඩියෙන් ලබාගත හැකි ගොඩ වගා කළ හැකි නව ‘ඇල් වී’ වර්ගයක් මහරගම ගොවියකු විසින් වගාකර ඇත.

මහරගම, කටුවාවල උපාලි දයානන්ද මහතා ගොඩ ගොවිතැන පිළිබඳව උනන්දුවක් දක්වන, ගෙවතු වගාවට කැපවී සිටින වැඩිහිටියෙකි. සීගිරියේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවල නියැළි ඔහුගේ හිතවතකුගෙන් ලැබුණ බීජවී පසුගිය සැප්තැම්බර් මාසයේ සිය ගෙවත්තේ වගා කළ අතර පැළ හොඳින් ආරක්ෂා කර කාබනික පොහොර යොදා රැකබලා ගත්තේය.

මේ වනවිට ගොයම් ගසක් අඩි 10ක් පමණ උසට වැඩී ඇති අතර කරල් කිහිපයක් ද හටගෙන ඇත. මෝරා තිබූ මුල් කරල කැපීමෙන් අනතුරුව තවත් කරල් කිහිපයක් එම ගසේ පුරුක්වලින් හටගෙන ඇත.

දයානන්ද මහතා පවසන පරිදි මෙම ගොයම් ගසකින් හාල් කිලෝ දෙකකට වඩා ලබාගත හැකි අතර වී ඇටය පොත්තෙන් එළියට විත් තිබීම නිසා පහසුවෙන් සහල් ඇටය වෙන් කර ගත හැකිය.