මාලදිවයින 2100 දී මුහුදේ ගිලී යනවා

2100 වසරේදී මුළු මාලදිවයින් දූපත් සමූහයම මුහුදේ ගිලී යන බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හෙළිකර ඇත.මාලදිවයිනට අයත් දූපත් 196 න් 16 ක ජනතාව වාසය කරති.

මාලදිවයින මුහුදෙන් යටවීම වැළැක්‌වීමේ ක්‍රමයක්‌ නැති බව ද හිටපු මාලදිවයින ජනාධිපති මොහොමඩ් නෂිද් ප්‍රකාශ කර ඇත.

වත්මන් මාලදිවයින රජය දූපත් 16 තුළ සිටින ජනතාව ඉතා ඉක්‌මණින් ඉවත් කරගත යුතු බව ද හෙතෙම කියා සිටියේය.

මාලදිවයින වර්ෂ 2100 වසරේ යටවීම සම්බන්ධයෙන් මාලදිවයිනේ සිටින ජනතාවට රටක්‌ සොයාදිය යුතු බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ද පවසා ඇත.