සීනි රු.10කින් නඟී

වෙළෙඳපොළේ සීනි මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය කැඳවුම්කරු හේමක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2017 අය වැය යෝජනාවලට අනුව ජනවාරි 01දා සිට සීනි කිලෝ ග්‍රෑමයකට 2%ක සෙස් බද්දක් පනවා තිබේ.

එයට අමතරව දෙසැම්බර් 16 වැනිදා වෙළෙඳ අමාත්‍යවරයා විසින් කලින් පනවා තිබූ 7%ක ආනයනික තීරු බද්ද රුපියල් 6කින් වැඩි කළ බව හේමක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව සීනි සඳහා මුළු ආනයනික තීරු බදු 15%ක් වැඩි කර ඇති බැවින් රේගුවෙන් සීනි නිෂ්කාශනය සඳහා කිලෝවකට රුපියල් 13ක වෙළෙඳ බද්දක් ගෙවීමට සිදුවන බව ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ නිසා මුදල් අමාත්‍යාංශය මඟින් සීනි සඳහා පනවා ඇති පාලන මිලට වෙළෙඳපොළේ සීනි අලෙවි කළ නොහැකි බව හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කෙළේය.