මහින්ද මුහුණටම මුණගැසුනු හිරුණිකාට වුණ දේ (PHOTO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක ළඟ ඇති පුටු දෙකක අසුන්ගෙන සිටි අවස්ථාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අසල ඇති අනෙක් පුටුවේ අසුන්ගෙන සිටින රාජපක්ෂ මහතා තමාගේ අනෙක්පසින් ඇති පුටුවේ අසුන්ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක සමග කතාබහක නියැලී සිටිනවා.
එම අවස්ථාවේ කිසිවකු විසින් හෝ ලබාගත් ඡායාරුපය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන්නේ වසරේ විශිෂ්ඨතම ඡායාරූපය..! යනුවෙන් සටහනක්ද සහිතවය.

ළමා කාලයේ සිට රාජපක්ෂ පවුල හා සමීප සබඳතාවයක් පැවති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේවනවිට විරසකව සිටිනවා.