නවසීලන්ත අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. වසර 8ක් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා. 

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිල් ඉන්ග්ලිෂ් තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ වැඩකටයුතු කිරීම සදහා යෝජනා කර තිබෙනවා. ජෝන් කී ඉල්ලා අස්වීමට හේතුව ඔහු පැහැදිලි කර නැහැ. කෙසේ වෙතත් ඔහුගේ මෙම හදිසි ඉල්ලා අස්වීම නවසීලන්ත පාර්ලිමේන්තුව උණුසුම් කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.