ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

විදේශ සේවය නවීකරණය කරද්දී උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.

අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල තානාපති කාර්යාල අලුතින් පිහිටුවීමට බලා‍පොරොත්තුවක් නැති බව පැවැසූ ඇමැතිවරයා ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මේ මාසයේදී පිහිටුවන බවද කිවේය.

විදේශ සේවය නවීකරණය කිරීම සඳහා සිංගප්පූරුව සමග කටයුතු කරන බවත් තානාපති කාර්යාලයන්හි සේවය පරීක්ෂා කර බැලීම සඳහා හදිසියේ තානාපති කාර්යාලවලට කඩා පැන ඒවායේ කටයුතු පරීක්ෂා කරන්න ඉන්ස්පෙක්ටර් ජනරාල්වරු තිදෙනෙක් පත් කර තිබෙන බවද පැවැසීය විදේශ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.