විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

ලබන වසරේ සිට විගමනක ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසන්නීය.

විදෙස් ගත වන ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 350කුත් පුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 400ක් ලෙසත් මෙවර අය - වැය මඟින් යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය මේ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.