සිසේරියන් නිසා මනුෂ්‍ය පරිනාමයට බලපෑම්

මවුවරු සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ මවුවරුන්ගේ උකුල් ප්‍රදේශය සිහින් නිසා ඔවුන් වැඩිදෙනා සීසේරියන් සැත්කම්වලට බඳුන්වෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, වර්ෂ 1960 දී අලුත උපදින බිළිඳුන් 1,000කින් 30ක් ස්වභාවික උපතක් සිදුවන, උපත් නාලය සමග සැසඳෙන මට්ටමක නොසිටියත්, වර්තමානයේදී එම අගය අලුත උපදින බිළිඳුන් 1,000කට 36ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ඓතිහාසිකවම මෙවැනි ජාන මවගෙන් දරුවාට පැමිණීමක් සිදු නොවන්නේ, එකල දරුවා මෙන්ම මවද එවැනි අවස්ථාවකදී දරු ප්‍රසූතියේදී ජීවිතක්ෂයට පත්වන නිසා බවත් එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.