සංඛ මව්බිම පුවත්පත අතහැර ගියේ ඇයි?

මෙරට ජනමාධ්‍ය ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ දක්ෂතා පෙන්වමින් නමක් දිනා සිටින දෙස් විදෙස් සම්මාන ලාභී සංඛ විදානගමද සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට පසුගිය දෙසැම්බර් 08 වනදා සමුදී ඇලෝසියස්ගේ නව මාධ්‍ය ජාලයට එක්ව ඇත. ඔහු එම සමාගමේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් පුවත්පත ආරම්භයේ සිටම සේවය කළ අතර ඔහුගේ යටතේ ඡායාරූප ශිල්පීන් 15 දෙනෙකු සේවය කර ඇත. ඒ අනුව සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමට අයත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් සතියෙන් සතිය ප්‍රවෘත්ති මවන ස්ථානයක්ව ඇත.

අප කළ විමසීමකදී සංඛ විදානගම සදහන් කර සිටියේ සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාගෙන් හෝ කර්තෘ මණ්ඩලයෙන් තමන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවී ඇති බවත් මෙය හුදෙක්ම තම පුද්ගලික තීරණයක් බවත්ය. සාමාන්‍යයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහල පිළිගැනීමක් ඇති සංඛ සිය මහත්මා ගති පෙන්නුම් කරන තරුණයකු බව බොහෝමයක් දෙනා පිළිගන්නා කරුණක් වන අතර ආයතනය තුලද කිසිදු ගැටළුවක් ඇති කර නොගෙන වසර පහ පුරාවටම සේවා ස්ථානයට තම උපරිමයෙන් සේවය කළ අයෙකු වශයෙන් එම ආයතනය තුල පිළිගැනීමක් ඇත.

නමුත් අප කළ සොයාබැලීමකදී එම සමාගම අභ්‍යන්තරයෙන් දැනගන්නට ලැබුනේ ඔහු ඉල්ලා අස්වීමට ප්‍රධානම කාරණය වී ඇත්තේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ තුෂාර ගුණරත්න මහතාගේ ඉවත්වීමත් පසු මෙතෙක් කලක් ක්‍රියාත්මක නොවුනු ආකාරයට තම අංශයට අතපෙවීම් සිදුවීම නිසා ඔහු එම තීරණය ගෙනඇති බවයි. එසේම ඔහුගේ අධීක්ෂණය යටතේ තිබූ ඡායාරූප අංශයේ කිසිදු ඡායාරූප ශිල්පියෙක් ඔහුගේ ක්‍රියාකලාපයේ හෝ පාලනයේ ගැටළු හේතුවෙන් මේවන තෙක් ඉවත්ව ගොස් නැත. තුෂාර ගුණරත්නගේ වන්දිබට්ටකම් කළ එම සමාගමේ පිටු සැකසුම් සහ ග්‍රැෆික් අංශයේ ප්‍රධානී තිවංක බෙරගමට තුෂාර විසින් නියෝජ්‍ය කර්තෘ තනතුරක් පිරිනමා තිබූ අතර එම තනතුරේ නාමයෙන් මේ වන විට ඔහු පුවත් පත් දෙකේම වැඩ බැලීමට කටයුතු කරමින් සිටින්නේ තුෂාර ගුණරත්නගේ තනතුර තමන්ට ලබාදෙනමෙන් සමාගමේ සභාපති ටිරාන් අලස් සහ ඔහුගේ පුත් රමන්ත අලස් මහත්වරුන්ගෙන් ඉල්ලමිනි. තිවංක එම පුවත් පත් දෙකේ කිසිදු අංශ ප්‍රධානියෙක් ගනන් නොගන්නා අතර පුවත්පත් මේවන විට අලෙවි වන්නේ ඔහුගේ දක්ශතා නිසා බව ඔහු සභාපතිතුමන්ට පෙන්වමින් සිටී. ජනමාධ්‍ය පිළිබදව කිසිදු හැදෑරීමක් නොමැති තිවංක මේවන විට පුවත්පතේ සිරස්තල දැමීම පවා සිදුකරන අතර ඒ සම්බන්ධව කර්තෘ මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සිටින්නේ දැඩි කලකිරීමකිනි. මෙතෙක් කිසිදු ගැටළුවක් නිර්මාණය නොවුන ඡායාරූප අංශයට එම අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටි සංඛගේ අනුදැනුමකින් තොරව තිවංක වක්‍රාකාරයෙන් අතපෙවීමට යාම නිසා ඇතිවූ කලකිරීම නිසාම ඔහු නව පුවත්පතින් ලැබුනු ආරධනාව පිළිගෙන ඇතිබව මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත් පත් දෙකේම මාධ්‍යවේදීන් දන්නා කරුණකි.

මෙතෙක් මෙම සමාගමෙන් හිත හොදින් ඉවත්ව ගිය එකම සේවකයා සංඛ වන අතර ඔහු සමග ඔහුගේ ඡායාරූප අංශයේ කිසිවෙකු හිත් අමනාපකමක් නැතිවීම නිසා නව පුවත් පතේ ඡායාරූප කර්තෘ වශයෙන් එක්වී ඇති සංඛ මව්බිමෙන් තව දක්ෂ ඡායාරූප ශිල්පීන් කීදෙනෙක් ගලවාගනීදැයි බියකින් පසුවන රමන්ත සහ තිවංක මේ වන විට ඡයාරූප අංශයේ නිදහස් ඡායාරූප ශිල්පීන්ගේ සේවය ස්ථිර කිරීමට, නව කැමරා ආම්පන්න ලබාදීමට සහ වැටුප් ඉහල දැමීමට සාකච්ඡා කරමින් සිටින බව එම ඡායාරූප අංශයට දන්වා ඇත. ටිරාන් අලස් සියළුම අංශ ප්‍රධානීන්ට දන්වා ඇත්තේ ජනවාරි මස තමන් වැටුප් ඉහල දැමීමට කටයුතු කරන බවයි. නමුත් රජයෙන් ලබාදෙන්නට නියමිත කල රු. 2500 පවා තම සේවකයන්ට නොදුන්, ආයතනයේ සුභ සාදක මුදල්ද වංචා කල ටිරාන් අලස් කෙලෙස වැටුප් වැඩිකරන්නේදැයි එම පුවත්පත් වල මාධ්‍යවේදීන් ප්‍රශ්නකර සිටී.

මුදලට දැඩි ගිජු කමක් දක්වන තිවංකද තුෂාර ගුණරත්න, උපුල් ජෝශප් ඇතුළු මාධ්‍ය කල්ලිය සමග ඇලෝසියස්ගේ මාධ්‍ය ජාලයට එක්වීමට සැලසුම් කරගෙන සිටි නමුත් මව්බිමේ සේවය කරන තිවංකගේ හොර අඹුව ඊට බදවානොගන්නා බව සැලවීමෙන් පසු තිවංක තුෂාර සමග උරනවී ටිරාන්ට එම සැලසුම පිළිබදව කේලම කියා ඇත. තුෂාර ගුණරත්න සහ උපුල් ජෝශප්ට ඔවුන් සැලසුම් කරතිබූ කාලයට පෙර මව්බිමෙන් ඉවත්වීමට තීරණය කෙරෙන්නේ මේ සමග හටගත් සිද්ධීන් හේතුවෙනි.

සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපති ටිරාන් අලස් මහතාගේ උවමනාවට ඔහුගේ දේශපාලන සතුරනට මඩ ගැසීම සදහාම යොදාගත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත් පත් වලින් ඔහුගේ හිතුමනාපයට මාධ්‍යවේදීන් ඉවත් කිරීම නිසා අදටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත මෙම සමාගමට එක්වීමට මැළිකමක් දක්වති.

මේ වන විට සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමෙන් මාධ්‍යවේදීන් ඇතුලුව හතලිහකට ආසන්න පිරිසක් ඉවත්වී බැදුම්කර මගඩියට සම්බන්ධ යයි දිගින් දිගටම චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත පුවත් පත් හයකින්, රූපවාහිනී නාලිකා තුනකින් සහ ගුවන්විදුලි නාලිකා තුනකින් සමන්විත දැවැන්ත මාධ්‍ය ජාලයට එක්වී ඇති අතර තවත් විස්සකට ආසන්න පිරිසක් ජනවාරි පළමු වනදා එක්වීමට නියමිතව ඇත. එසේම එම මාධ්‍ය ජාලයේ සිංහල පුවත්පත පළමුවත් ඉංග්‍රීසි පුවත්පත දෙවනුවත් දමිළ පුවත්පත තෙවනුවත් ආරම්භ කිරීමට නියමිත අතර ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කිරීමට ආසන්නවත්ම පෙබරවාරි පළමු සතියේ සිලෝන් ටුඩේ පුවත් පතට සේවය කරන මාධ්‍යවේදීන් පිරිසක් සහ සේවකයින් පිරිසක්ද ඉවත්වයාමට නියමිතව ඇත. මේ වන විට කඩා වැටෙමින් පවතින රිවිර, ලක්බිම පුවත්පත් වලින් සහ නවකයින් රැසක් මව්බිම පුවත්පතට විශාල වැටුප් ගෙවා බදවාගෙන ඇති නමුත් මීට පෙර තිබූ තත්වයට එම පුවත්පත ගෙන ඒමටනම් අවම වශයෙන් තවත් අවුරුද්දක්වත් ගතවනු ඇති බවක් පෙනෙන්නට ඇතත් නව පුවත් පත පැමිණීමෙන් අනතුරුව වෙළදපොලේ මේ වන විට මව්බිමට ඇති ඉල්ලුම ඉතා ඉක්මනින් පහළ බසිනු ඇතැයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ මතයයි.