සිසුවිය එක්ක පවුල් කෑ විවාහක එක්දරු පියා

අනුරාධපුර නගරයේ පිහිටි මිශ්‍ර පාසලක ගොඩනැඟිල්ලක් ඉදිකරමින් සිටි විවාහක යුද හමුදා සෙබළකු අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට සහභාගි වූ බාලවයස්කාර සිසුවියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වා ඇය රාජාංගණය ප්‍රදේශයට රැගෙන ගොස් අඹුසැමියන් ලෙස කාලය ගත කරමින් සිටියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් පෙරේදා (24දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොලිස් වසමේ බණ්ඩාර පුලියන්කුළම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර සිසුවියගේ මවුපියන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකළ පැමිණිල්ලක් මත සැකකාර හිටපු යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගල්නෑව ප්‍රදේශයේ පදිංචි විවාහක 36 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු විවාහවී වයස අවුරුදු තුනක දියණියක් සිටින බවද පොලිසිය පවසයි.