අශිකාට අකරතැබ්බයක්

මේ දවස්වල අශිකා මතසිංහ නවතම ටෙලි නාට්‍යයකට රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම නවතම චිත්‍රපටයකටත්, වෙළඳ දැන්වීම් කිහිපයකටත් ඇය දායක වුණා. මේ සියලු කටයුතු අතරේ අශිකා කාලයකට පස්සේ ගීතයක රූපමය වීඩියෝවකටත් පෙනී හිටලා. මේ ගීතයේ දර්ශන රූගත කරත් දී අශිකා නොහිතපු අන්දමේ අකරතැබ්බකට මුහුණ පෑ පුවතක් අපිට ආරංචි වුණා.

' මම වසර කිහිපයකින්ම ගීතමය රූ ගත කිරීමකට දායක වුණේ නැහැ. කාලෙකට පස්සේ කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන සහෝදර ශිල්පියෙක් නවතම ගීතයක් ගායනා කළා. 'හිනාවෙන්න රත්තරං... නමින්. මේ ගීතයේ විෂුවල්එකට රඟපාන්න මට ආරාධනා කළා. මම එහි රඟපෑවේ පෙම්වතිය ලෙසයි. එක් දර්ශනයක් තිබුණා කණ්ඩියක් උඩ මාව ඔසවාගෙන යනවා රූගත කරන්න. මමත් ඉතින් කණ්ඩිය උඩට ගියා. එක තත්පරයක් ගියේ නැහැ. ලෙස්සල බිමටම වැටුණා. වාසනාවකට තුවාලයක් නම් වුණේ නැහැ. ඒ වගේම 'ෆේස් ටු ෆේස්' චිත්‍රපටයේත් මම වෛද්‍යවරියකගේ චරිතය නිරූපණය කළා. එයත් මට තවත් අපූරු අත්දැකීමක් එක්කළා.'