උඩින් පාර්ලිමේන්තු එන ඇමතිවරු මෙන්න

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටර්වලින් බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මේ බව පවසන්නේ මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා සහ වරප්‍රසසාද සම්බන්ධයෙන් අදහස් දක්වමනි.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ සැප වාහන ප්‍රතික්ෂේප කර ඇත්තේ තමාත්, ආචාර්ය හර්ෂ ද සිල්වාත් පාලිත තෙවරප්පරෙුම යන නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාත් පමණක් බවය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන මැති ඇමතිවරු ලෙස ඔහු පෙන්වා දෙනවා.