සුසන්තිකා සුව අතට

ආසියාවේ කළු වෙළඹ ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සිහිනය සැබෑ කළ සුසන්තිකා ජයසිංහ ඩෙංගු රෝගයට ගොදුරුව දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතියි.

එහෙත් තවත් දින පහක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබාදෙන බවත් ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාවක් නොමැති බවත් වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා පැවැසීය.

කොළඹදී උණ රෝගය වැලඳී ඇති ඇය පුහුණුවීමක් සඳහා දියතලාවට පැමිණ සිටි අතර රෝගී තත්ත්වයට පත්වීම නිසා රෝහල් ගතකර ඇති බවත් වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා කීවේය.