විටමින් ඌනතාවයෙ ලක්ෂණ


විටමින් යනු කාබනික අණු වලින් සෑදුණු සෛලවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන නමුදු බොහොමයක් ජීවීන්ට තමන් තුළම නිෂ්පාදනය කරගත නොහැකි සංඝටකයකි.

එබැවින් විටමින් සෑම වීටම ආහාර සමඟ ශරීරයට ලබාදිය යුතු අත්‍යවශ්‍ය සංඝටකයකි. මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන විටමින් වර්ග 13ක් තිබෙන බව සොයා ගෙන ඇත. ඉන් 4ක් ජලයේ දිය නොවන ඒ,ච්,ඡ් හා ම් විටමින්ය. අනෙක් විටමින් වර්ග නවය වන්නේ ඕ1,ඕ2,ඕ3,ඕ5,ඕ6,ඕ9,ඕ12 බයොටීන් හා විටමින් ඛ් ය.

ජලයේ දියවන විටමින් ශරීර ගත වු විට අතිරික්තය ඉවත් වී යන අතර එම වර්ගයේ විටමින් ශරීරයේ දීර්ඝ කාලීනව ගබඩා වීමක් සිදුනොවේ. එම නිසා ජලයේ දියවෙන විටමින් දිනපතා ආහාර සමඟ ලබා ගත හැක. නමුදු ජලයේ දිය නොවන විටමින් ශරීර ගත වූ පසු ඇතිවන අතිරික්තය ශරීරය තුළ දීර්ඝ කාලීනව ගබඩා වන නිසා මෙම වර්ගයේ විටමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති වේ.

විටමින් ඒ(රෙටිනෝල්) ඌනතාවය

* සම වියළිය, රළුය, කොරළ සහිතය.

* සමෙහි රැළි වැටීම, කැසීම, කුරුළෑ ඇති වේ.

* සමෙහි අවපැහැ වේ.

* සමෙහි දද, වණ, කුෂ්ඨ යනාදිය සුව වී සම යථා තත්ත්වයට පත් වීමට කල් ගත වේ.

* දහඩිය ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වෙනස් වේ.

* නියපොතු පහසුවෙන් කැඩෙන සුළුය.

* රාත්‍රී අන්ධතාවය

වීටමින් ඒ සපිරි ආහාර

තද කොළ පැහැති හා කහ පැහැති එළවළු, පළා වර්ග, සෝයා, පීකුදු, කකුළුවෝ, බිත්තර, මෝර තෙල්, කිරි, මාගරින්, මත්ස්‍ය අක්මා තෙල්, (කොඩ්ලිවර් තෙල්)

විටමින් ඕ1 (තයමීන්) ඌණතාවය

* ආහාර ජීරණය නිසි පරිදි සිදු නොවේ.

* අලසබව

* ශාරීරික වෙහෙස

* කෙන්ඩ පෙරළීම

* ක්ලාන්තය

* හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීම

* හිසරදය

* බෙරි බෙරි රෝගය

* අමතක වීම

* අව පීඩනය

විටමින් ඕ1 සපිරි ආහාර

මාමයිට්, නිවුඩු සහල්, කුරක්කන්, බාර්ලි, තිරිඟු ආදී ධාන්‍ය වර්ග මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, බෝංචි, මෑ, ආදී රනිල බෝග වැඩිහිටියකුට දිනකට විටමින් අවශ්‍ය වේ.

වීටමින් ඕ2 (රයිබොෆ්ලේවින් ) ඌණතාවය

* කට දෙපස රැළි ඇති වේ.

* නළල . නහය මත සුදු හා කළු ලප ඇති වේ.

* ඇස්වල කැසීම

* ආලෝකය දෙස බැලීමේ අපහසුව

* කදුළු ගැලීම

* තොල් සහ දිවේ තුවාල

* තොල් පැලීම

* සමෙහි සංවේදී බව අඩුවීම

* අකලට හිසකෙස් යෑම

* අකලට මහලු වීම

* වර්ධනය බාල වීම

විටමින් ඕ2 සපිරි ආහාර

මාමයිට්,බිත්තර, චීස්, රනිල බෝල නිවුඩු සහල්, පළා වර්ග, තිරිඟු,ඉරිඟු, සෝයා, ආමන්ඩ්, කජු, මස්, කිරි , ඇලිගැටපේර, යීස්ට්, කොළ පැහැති එළවළු වැඩිහිටියකුගේ දිනකට විටමින් 1.8-2.5 අවශ්‍ය වේ.

විටමින් ඕ3( නියැසීන් හා නිකොටීන් ඒමයිඩ්) ඌනතාවය

* ලේ ගමනාගමනය නිසි පරිදි සිදු නොවේ.

* මේදය හා පිෂ්ඨය අඩංගු ආහාර ජීරණය අපහසුය.

* සමෙහි වියළි ස්වභාවය හා ඉදිමුම පවති.

* සමෙහි රැළි වැටීම

* සම අවපැහැ වීම

* කටෙහි දුඟද

* පේශි දුර්වලතාවය

වියමින් ඕ3 සපිරි ආහාර

මාමයිට්, මස්, මාළු, බිත්තර, රටකජු, ධාන්‍ය වර්ග, තිරිඟු, බාර්ලි, බෝංචි, නිවුඩු සහල්, ආමන්ඩ්,තද කොළ පැහහැති එළවළු , මුහුදු ආහාර

විටමින් ඕ5 ( පැන්ටොතෙනික් අම්ලය) ඌනතාවය

* විවිධ වූ චර්ම රෝග හට ගනී

* සම රැළි වැටීම

* අකලට හිසකෙස් යෑම

* අකලට මහලු වීම

* අලස බව

* ඔක්කාරය

* වර්ධනය බාල වීම

* ප්‍රජනනය දුර්වල වීම

* නින්්ද නොයෑම (විශේෂයෙන් කාන්තාවන්ට)

විටමින් ඕ5 සපිරි ආහාර

ධාන්‍ය වර්ග, බෝංචි, ගෝවා, මල් ගෝවා, සූර්යකාන්ත ඇට, එළවළු තෙල්, මස්, බිත්තර කහ මදය, සැමන් බොහෝ ශාක හෝ සත්ත්ව ආහාර වල විටමින් පිහිටා ඇත.

විටමින්ඕ6 (පිරිඩොක්සීන්) ඌනතාවය

* සමෙහි හට ගන්නනා චර්ම රෝග ඉතා සෙමෙන් සුව වේ.

* සම වියළිය, නැතහොත් තෙල් සහිතය.

* සමෙහි දද, වන, කුෂ්ඨ හට ගනී.

* කට දෙපස රැළි ඇති වේ.

* අකලට මහලු වේ.

* හිස්හොරි පවතී

* හිසකෙල් තුනී වීම

* ආහාර ජීරණය නිසි පරිදි සිදු නොවීම

* වලිප්පුව

* ඉක්මන් කේන්තිය

* මස් පිඩු පෙරළීම

විටමින් ඕ6 සපිරි ආහාර

රතු බත්, ඉරිඟු, බෝංචි, කැරට් , ගෝවා, සූර්යකාන්ත ඇට, කජු, මස්, මාළු, යීස්ට්, ධාන්‍ය වර්ග , එළවළු පලතුරු, කෙසෙල්

විටමින් ඕ 9 ( ෆෝලික් අම්ලය ) ඌනතාවය

* ලේ හිඟකම

* සම සුදුමැලි වීම

* නියපොතු කැඩෙන සුලුය

* අකලට හිසකෙස් යෑම

* හිසකෙස්වල අවපහැය

විටමින් ඕ9 සපිරි ආහාර

ධාන්‍ය වර්ග, සළාද, කොළ පැහැති එළවළු, තිරිඟු, කිරි, සැමන්, යීස්ට්, මස්, සෝයා, යෝගට්

විටමින් ඕ12 ( කොබැලමින් ) ඌනතාවය

* අකලට මහලු පෙනුම

* ශාරීරික දුර්වලතාවය

* නින්ද නොයෑම

* මතකය හා කල්පනා ශක්තිය මද බව

* ඉක්මන් කේන්තිය

* ස්නායු ආබාධ

* නීරක්තය

* අඩු බර උපත්

* ස්නායු ආබාධ සහිත දරු උපත්

* පාචනය

* රත් පැහැති දිව

විටමින් ඕ12 සපිරි ආහාර

ධාන්‍ය වර්ග, පීකුදු,කිරි, සැමන්, මස්, මාළු, කිරි, බිත්තර

බයොටීන් ඌනතාවය

* සම අවපැහැවීම

* ලේ හිඟකම

* මානසික වෙහෙස

* මේදය සහිත ආහාර දිරවීමට අපහසුය

* චර්ම රෝග

* සමෙහි දැවිල්ල

* අලස බව

* පේශි වේදනාව

බයොටීන් සපිරි ආහාර

රතු බත්, ධාන්‍ය වර්ග, පීකුදු, බිත්තර කහ මදය, මාළු, මාමයිට්, කජු