ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනේ අද (07) අලුයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.සුමාත්‍රාවේ - අචේ ප්‍රාන්තයට ඔබ්බෙන් සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 6.4 ක්.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වැඩිදුර තොරතුරු ලැබී නොමැති නමුත්, එහි ජනයා කලබලයට පත්වූ බවත්, නිවාස රැසකට විදුලිය බිද වැටී ඇති බවත්, වාර්තා වනවා.2004 වසරේ ආසියානු සුනාමියට මුල් වූ භූ කම්පනය ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම නිසා ඇතැම් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව සදහන්.

කෙසේ නමුත්, ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ මෙමගින් සුනාමි අවදානමක් ඇති නොවන බවයි.