ජනපති බස් සංගම් වලට දුන් පොරොන්දුව

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව පසුගියදා මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වූ පෞද්ගලික බස් වර්ජනය සම්පුර්ණයෙන්ම අවසන් කරන බවයි එම සංගමයේ නියෝජිතයින් ප්‍රකාශ කරන්නේ.එමෙන්ම රථවාහන දඩ රුපියල් 25000 දක්වා වැඩි නොකෙරෙන අතර සාකච්චා මාර්ගයෙන් පමණක් දඩ ඉහළ දැමීමට දැමීමට ජනපති පොරොන්දු වූ බවත් බස් සංගම් පවසනවා.