කුඩු වික්ක ‘කුඩු හාවා’ අල්ලයි

සුඛෝපභෝගී වාහනවලින් මහනුවරට යන එන විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඉලක්ක කැර හෙරොයින් අලෙවියේ යෙදුණු 'කුඩු හාවා' නමැති සැකකරු හෙරොයින් ග්රෑම් තුන හමාරක් සමඟ මහනුවර කෙට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරම්කරු මූල්‍ය ආයතනයක කළමනාකරුවන් දෙදෙනෙකුට හෙරොයින් අලෙවි කිරීමට යෑමේ දී එම කළමනාකරුවන් සමඟ සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගැනිණි.

මෙහිදි අත්අඩංගුවට ගැනුණු කළමනාකරුවකු වෙනුවෙන් ඔහුගේ මූල්‍ය ආයතනය ලබා දී තිබූ මොටර් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කළ අතර එහි දී එක් සැකකරුවකු පලාගොස් ඇත.

හෙරොයින් මිල දී ගැනිමට පැමිණි ආයතන කළමනාකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රාදේශිය කළමනාකරුවකු වන අතර අනෙක් අය එහි සහකාර කළමනාකරු බැව් අනාවරණය වේ.

දවුලගල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරු ‍සොරකම් සිද්ධියකට ඇප මත සිටින අයකු බැව් පොලිසිය පවසයි.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ඉන්දික මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන්වන සම්පත්(389010), ජයසිංහ (38903), බුද්ධික (47201), දිසානායක(6588)හා චින්තක (67099) යන නිලධාරීහු මෙම වැටලීම කළහ.