අම්පිටියේ සුමනරතන හිමිට ඇප

අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි සැකපිට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතනයන්ට ඇප ලබා දී තිබේ.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.සැකකාර හිමියන්ට රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණ.ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.