උදාවන සතියේ ලග්න පලාපල

මේෂ ලග්නය

උදාවන සතියේ සඳු හා කුජ දහවැන්නේත් රවි, ශනි, අටෙත් ගමන් කරමින් සිටී. ගෘහ ජීවීතය මිශ්‍රඵලදායකයි. සතිය මුලදී නිතර නිවසින් බැහැරව යැමට හෝ දුර ගමනක්‌ යැමට සිදුවේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. දරුවෙකු නිසා අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් අසනිප තත්ත්වයන් මතුවීමට ඉඩ තිබේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු සාර්ථකව කරගෙන යැමට හැකි වේ. නමුත් ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන වීට ප්‍රවේශම් වීය යුතුය. බිරිඳ හෝ සැමියාට සුබයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා පවතී.

සුබ පාට - සුදු, රෝස සුබ අංක - 2, 3

වෘෂභ ලග්නය

ලග්aනාධිපති සිකුරු සඳු හා කුජ සමඟ නවවැන්නේ ගමන් අරඹන මෙම සතිය ආගමික කටයුත්තකට සහභාගි වීමට කරුණු යෙදේ. හිතේ සහනය හා සතුට ඇති වේ. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නීතියේ පිහිට ලැබේ. වීදේශ ගමන් හා දුර වන්දනා ගමන් සාර්ථක වේ. පූජ්‍ය පක්‌ෂයේ උතුම් අය හෝ උසස්‌ ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. විවාහ සහකරුට සුබදායකයි. නමුත් අවිවාහක අයගේ මංගල යෝජනාවලට බාධා පවතී. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. උසස්‌ අය හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. වීයදම් ඉහළ යයි. තැන්පත් මුදලක්‌ වැය වීමට ඉඩ තිබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. රැකියා හා ව්‍යාපාර මිශ්‍රඵලදායකයි. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ.

සුබ පාට - සුදු මිශ්‍ර ලා පාට සුබ අංක - 2, 6

මිථුන ලග්නය

ලග්නාධිපති බුධ හත්වැන්නේ ද සඳු කුජ සිකුරු අටේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී ම අමතර වියදමක්‌ දරන්නට සිදු වේ. ආදායම් මාර්ග වලට ද බාධා පවතී. ශරීරයේ අසනීප ගති මතු කරයි. සිත් තැවුලක්‌ ඇති වීමට ද ඉඩ තිබේ. එහෙත් සතිය මැද වන විට මේ තත්ත්වය සුබ අතට හැරේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. බලාපොරොත්aතු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට පහසුකම් සැලසේ. අසනීප වලින් සුවය ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. නීතියේ පිහිට ලැබිය හැකි වේ. විවාහ සහකරුට සුබයි. මංගල යෝජනා සාර්ථක වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායක ලෙස ගෙවෙනු ඇත

සුබ පාට - කහ, කොළ සුබ අංක - 4, 5

කටක ලග්නය

ලග්නාධිපති සඳු කුජ සහ සිකුරු හත්වැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. ගෘහ ජීවිතය සුබදායක වේ. බිරිඳ හෝ සැමියා සමඟ තිබූ අමනාපකම් දුරු වේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවලට අන් අයගේ උදව් උපකාර ලැබේ. දරුවෙකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදු විය හැකියි. ප්‍රයෝජනවත් ගමන් බිමන් යැමට ද කරුණු යෙදේ. රැකියා හා ව්‍යාපාර අංශ වලදී අන් අයගේ සහයෝගය ලැබේ. මවුපියන්ට ද සුබඵලදායක වේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණ ඌනතා නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන ප්‍රවේශම් විය යුතුය.

සුබ පාට - සුදු, කහ සුබ අංක - 2, 5

සිංහ ලග්නය

ලග්නාධිපති රවි සමඟ ශනි හතරවැන්නේ ද සඳු කුජ සහ සිකුරු හයවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. සතිය ආරම්භයේදී ගෘහ ජීවීතය පිළිබඳව සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාභ ලැබිය හැකිය. ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැකි වේ. එහෙත් වියදම් ද ඉහළ යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකියි. දරුවෙකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදු වේ. සහෝදරයෙකු හෝ අසල්වාසියෙකු අමනාප වීමට ඉඩ ඇත. ඉඩම් ගෙවල් පිළිබඳව කටයුතුවලට තරමක බාධා පවතී. හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වන්න. සතිය අග වන විට සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - රෝස, ලා කොළ සුබ අංක - 3, 4

කන්‍යා ලග්නය

ලග්නාධිපති බුධ හතරවැන්නේ ද සඳු කුජ සිකුරු පස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ශුභඵලදායක බව පෙනේ. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කර ගත හැකි වේ. ගෘහාශ්‍රිත කර්මාන්ත හෝ ස්‌වයං රැකියාවල යෙදෙන අයට ලාභ ලැබේ. කන්‍යා ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අඹු සැමි සමඟිය ඇති වේ. ආදායම සතුටුදායක වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. දරුවන්ගේ දියුණුව දැක සතුටු වීමට කරුණු යෙදේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. නීතියේ පිහිට ලැබේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ද ඉඩ ඇත. වීවාහ මංගල යෝජනා පිළිබඳව කටයුතු කිරීමට සුදුසු කාලයකි. සතිය මැදදී ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - ලා කොළ කහ සුබ අංකය - 4, 5

තුලා ලග්නය

ලග්නාධිපති සිකුරු සඳු සහ කුජ සමඟ හතරවැන්නේ ද රවි හා ශනි දෙවැන්නේ ද ගමන් කරමින් උදා වන මෙම සතිය බොහෝ දුරට ශුභඵලදායක වන බව පෙනේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත වේ. වාහන ගනුදෙනු වලට ශුභඵලදායක වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට ශුභඵලදායක වේ. වාසිදායක ගමන් බිමන් යෙදේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. මේ අතර නිවසේ වියදම් ද ඉහළ යා හැක. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අන් අයගේ උදව් උපකාර ලැබේ. ජල සම්පාදන කටයුතුවලට ශුභයි. ගුරු දශා ගත කරන අය අධික ලෙස කාර්ය බහුල වනවා ඇත.

සුබ පාට - සුදු, ලා කොළ සුබ පාට - 2, 4

වෘශ්චික ලග්නය

ලග්නාධිපති බලවත්ව තුන්වැන්නේ සඳු හා සිකුරු සමඟ ද රවි හා ශනි ලග්නයේ ද ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රඵලදායකයි. උසස්‌ අයගේ හා රැකියා ප්‍රධානීන්ගේ ආධාර උපකාර ලැබේ. චිත්ත ධෛර්යය වැඩි වේ. අසල්වාසීන් හා සහෝදරයන් සමඟ පවතින සබඳතා අලුත් වේ. නිවසේ ප්‍රිය සම්භාෂණයත් පැවැත්වීමට ද කරුණු යෙදිය හැකිය. ආදායම් සතුටුදායක වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. රැකියා අංශවල ද යහපත් තත්ත්වයක්‌ පෙන්වයි. ගෘහ ජීවීතයේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා පවතී. වීදේශ ගමන් පිළිබඳ කටයුතු සාර්ථක කරගත හැකියි. සෙනසුරු දශා ගත කරන අයට තරමක්‌ අපලයි.

සුබ පාට - සුදු, කහ සුබ අංක - 2, 5

ධනු ලග්නය

ලග්නාධිපති ගුරු දහ වැන්නේ ද සඳු කුජ සිකුරු දෙවැන්නේද ලග්aනයේ බුද ද ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී අධික වීයදමක්‌ දරන්නට සිදුවනවා ඇත. කතාව නිසා පවුලේ අය අතර අසමඟියක්‌ ඇති වීමට ද ඉඩ ඇත. වීදේශ ගමන් වලට බාධා පවතී. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සාර්ථකව කරගෙන ආ කටයුතු වලට නොසිතූ බාධා ඇති විය හැකිය. නීතිමය ප්‍රශ්නවලට මැදිහත් වීම සුදුසු නොවේ. බිරිඳ හෝ සැමියාට ශුබඵලදායකයි. රැකියා හා ව්‍යාපාර සතුටුදායකයි. හිතවතෙකු හෝ සහෝදරයෙකු නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. රුධිර පීඩනය හෘදයාබාධ ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් වන්න. රවි ශනි දශා විශේෂයි.

සුබ පාට - ලා කොළ සුබ අංක - 5

මකර ලග්නය

ලග්නාධිපති සෙනසුරු හා රවි එකොළොස්‌වැන්නේ ද සඳු සිකුරු හා කුජ ලග්නයේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳ ශුභඵලදායක තත්ත්වයක්‌ පෙන්වයි. බිරිඳ හෝa සැමියාට ශුභයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ආගම දහමට සිත යොමුවේ. පිංකමකට සහභාගි වීමට ද ඉඩ තිබේ. විදේශ ගමන් සාර්ථක වනවා ඇත. දරුවන්ට ශුභයි. ව්‍යාපාරික කටයුතු වලදී සේවක සහයෝගය ලැබේ. උසස්‌ අය හඳුනාගැනීමට අවස්‌ථාව උදා වේ. සහෝදරයන්ට ශුභයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. ආයෝජන වලින් ලාභ ලැබේ. හිතේ සතුට ඇති වේ. අසනීප සුව වේ. රැකියා හා ව්‍යාපාර වලදී උසස්‌ අය අමනාප විය හැකි බැවීන් ඒ ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට සුදු මිශ්‍ර ලා සුබ අංක - 2

කුම්භ ලග්නය

ලග්නාධිපති ශනි හා රවි දහවැන්නේ ද සඳු කුජ හා සිකුරු දොළොස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක්‌ බාධා සහිත බව පෙනේ. ගෙදර දියුණුවට කරන කටයුතුවලට නොසිතූ අයුරින් බාධා ඇතිවීමට ඉඩ තිබේ. වාහන ගනුදෙනු වලින් පාඩු සිදු විය හැකියි. ගෙදර වැඩිහිටියකුට අපලයි. සහෝදරයකු හෝ අසල්වැසියකු අමනාප වීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. සතිය මැද වනවිට ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. රුධිර පීඩනය, කොලෙස්‌ට්‍රොaල් සෙම් රෝග ඇති අය විශේෂයි.

සුබ පාට - නිල්, කොළ සුභ අංක 4, 7

මීන ලග්නය

ලග්නාධිපති ගුරු හත්වැන්නේ ද සඳු කුජ සිකුරු එකොළොස්‌වැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට ශුභඵලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සතුටුදායකයි. එහෙත් නිතර නිවසින් බැහැරව යැමට සිදු වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජන වලින් ලාබ ලැබේ. බිරිඳ හෝ සැමියාට ශුභයි. යහපත් බලවත් මිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. මීන හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශ රැකියා ලාබ ලැබේ. ලොතරැයි ජයක්‌ ලැබීමට ද ඉඩ තිබේ. රාහු කේතු දශා ගත කරන අය ශරීර සෞඛ්‍යය රැකගැනීමට සැලකිලිමත් වන්න.

සුබ පාට සුදු, කහ සුබ අංක 2, 5

* කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්