මහින්ද ජාතික උවදුරක් ගැන කියයි

ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට රථ වාහන, විශේෂ දීමනා යනාදී වශයෙන් වරදාන බෙදීම ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙරනිමිති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබේ.

අයවැය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බවද හිටපු ජනපතිවරයා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමට පොරොන්දු දුන්නද අනුකමිටු එකකවත් එම ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමුකර නැතැයි හිටපු ජනපතිවරයාගේ නිවේදනයේ සඳහන් වෙයි.