පොලිස්පති ‘සර්’ කිවුවේ ඉස්කොලේ ‘සර්’ට.. Video

රත්නපුර ප්‍රදේශයේ උත්සවයක දී පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු ප්‍රශ්නගත ඇමතුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද නැවත ප්‍රශ්න කෙරුණා.

ප්‍රශ්නය නැගූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විමසා සිටියේ පොලිස්පතිවරයාට එම ඇමතුම ලැබී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගෙන් ද නැතහොත් විෂයභාර අමාත්‍යවරයාගෙන් ද යන්නයි.


ඊට ප්‍රතිචාර දක්වමින් මෙම කරුණ ජනාධිපතිවරයාගේ ද අවධානයට යොමුව ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කියා සිටියා.

එහි දී නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අර්ථකතනය වැරදි වීමට ද ඉඩකඩ තිඛෙන බවයි.

ප්‍රශ්නගත ඇමතුම ලබාදුන් තැනැත්තාට පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කරන්නේ ‘සර්‘ යනුවෙන්.

ඒ අනුව මෙම ඇමතුම ලැබී ඇත්තේ ඇතැම් විට පාසල් ගුරුවරයෙකුගෙන් විය හැකි බව ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

පාසැලේ ඉගැන්වූ ගුරුවරුනට තමන්ද තවමත් ‘සර්’ කියන බවද කී ඇමති කිරිඇල්ල එම ඇමතුම දුන්නේ ඇමතිවරයෙකු යයි පූර්ව අර්ථකතන මත පිහිටා සැක කිරීම ආසාධාරණ බවද කියා සිටියේය.