වලසුන් සමඟ පොර බදා දිවි බේරාගෙන!

වවුනියාව නාවක්කුලි රක්‍ෂිතයේ දර කැඩීමට ගිය කාන්තාවන් දෙදෙනකුව වලසුන් හපා කා ඇති බව වාර්තා වේ. මේ දෙදෙනා වවුනියාව ඇටඹගස්කඩ ගම්මානයේ පදිංචිකාරියන්ය. පෙරේදා (24දා) සවස සිදුවූ මෙම අනතුරින් දිවිගලවාගත් කාන්තාවන් ප්‍රදේශවාසීන් විසින් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ. 

තමන් වලසුන් හා පොරබදා කැගෑසීමෙන් දිවි බේරාගත් බව කාන්තාවන් සඳහන් කර ඇත.