පූජිත්ගෙ ‘සර්’ ගැන සියලු තොරතුරු මෛත්‍රි අතට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී කළ දුරකතන සංවාදයේදී පොලිස්පති ඇමැතු සර් ගැන තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවැසේ.

එම ආරංචි මාර්ගවලට අනුව මේ 'සර්' පසුගිය ආණ්ඩුවේ මතභේදාත්මක තත්ත්වයන්ට ඇඟිල්ල දිගු වූ ප්‍රබල ලේකම්වරුන් මෙන්ම ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රහසේ උදවු කළ අයකු බවද පැවැසේ.
එසේම ඇතැම් බරපතළ අවස්ථාවලදී සමහර පරීක්ෂණවලට අදාළ ලියකියවිලි පවා පසුගිය රජයේ ප්‍රධානීන් වෙත ලබාදීමට මේ 'සර්' ක්‍රියාකර තිබෙන බවද අනාවරණය වෙයි.

පොලිස්පතිවරයා 'සර්' ලෙස ඇමැතූ පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.