මන්නාරමෙන් සොයාගත් දිවි පැටවා

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ අතරමං වී සිටි කුඩා දිවි පැටවෙකු මන්නාරම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සොයාගැනීමෙන් අනතුරුව අනුරාධපුර වනජීවී කාර්යාලයට බාර දී තිබේ. මෙම දිවි පැටවා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අනුරාධපුර- වයඹ කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.