Adam’s Peak ශ්‍රී පාදය වෙයි

ගූගල් සිතියම (Google Map) මෙතෙක් කලක් දර්ශනය වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මේ වනවිට ගූගල් සිතියමේ ශ්‍රී ලංකාව අයත්වන සීමාවේ බොහෝ නගර සහ ආයතන නාමයන් සිංහලෙන් දර්ශනය වනවා.

ඇතැම් රටවලට ඒ රටට අදාල භාෂාවන්ගෙන් නගර සහ ස්ථාන නාම දැකගැනීමේ පහසුකම මීට පෙර සිටම දක්නට ලැබුණා.

පසුගිය කාලයේ ආන්දෝලනාත්ම වටපිටාවක් නිර්මාණය කළ “Adam’s Peak“ යන්නද ශ්‍රීපාදය ලෙස නම්කොට තිබීම ලාංකීය ජනතාවගේ ජයග්‍ර‍ණයක්.