2017 අයවැය සම්මතයි - Video

2017 වර්ෂයට අදාල අය වැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 110න් සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විපක්ෂ ජන්ද 55ක් ලැබුණි.

ආණ්ඩු පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය දුන් බව අප වාර්තාකරු පැවසීය. ඡන්දය විමසන අවස්ථාවට මන්ත්‍රීවරුන් 4 දෙනෙක් සහභාගී වී නැත.