ලංගමට අලුතින් බස්‌ රථ 1250 ක්‌

ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය සඳහා ලබන වසරේදී අලුතින් බස්‌ රථ 1250 ක්‌ මිලදී ගන්නා බව ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.

දිග ප්‍රමාණයේ බස්‌ දහසක්‌ සහ කුඩා ප්‍රමාණයේ බස්‌ දෙසීය පනහක්‌ මෙසේ මිලදී ගන්නා බව පැවසූ සභාපතිවරයා මෙසේ බස්‌රථ මිලදී ගැනීමට කැබිනට්‌ අනුමැතිය ලැබී ඇතැයිද බස්‌ රථ මිලදී ගැනීම සඳහා මේ වනවිට විවෘත ටෙන්ඩර් කැඳවා ඇතැයිද කියා සිටියේය.