විදෙස් කතුන්ගේ ගණිකා ජාවාරම අල්ලපු හැටි Video

foreign women's Organised prostitution racket
රහසිගත තොරතුරකින් කියැවුනේ උස්බෙකිස්ථානු කාන්තාවන් පිරිසක් සංවිධානාත්මකව මෙරට රැදී සිටිමින් ගණිකා සේවයේ යෙදෙන බවයි.කොළඹ ගැවසෙන කුලී රථ සේවාවල රියදුරන් සමග මිතුරුවන එම කාන්තාවන් ඔවුන් මාර්ගයෙන් ගණිකා සේවය සැපයීම සදහා ගණුදෙනුකරුවන් සොයා ගන්නා බව මුලික විමර්ශනයේදී හෙළිවුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් සමග එක්ව මෙම කාන්තාවන් කොටුකර ගැනීම සදහා සැලැස්මක් සකස් කලේ ඒ අනුවයි.

මෙම ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාන්තාව සම්බන්ධ කර ගැනීමෙන් පසු ඇය පැවසුවේ කොළඹ මුහුදු මාවතේ පිහිටි නවාතැන්පලක කාමරයක් මිලදී ගත් පසු තමන්කැමති විදේශීය කාන්තාවන් තෝරාගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.

නවාතැන ලබාගත් පසු අදාල කාන්තාව පැමිණ එතුල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අනෙක් කාන්තාවන් කාමරයට තුලට කැදවුනු ලැබුවා.

සංචාරක වීසා මත මෙරටට පැමිණ මුදලට අලෙවි වන මෙම එක් කාන්තාවක් පැය දෙකක් ගත කිරීම සදහා අයකරන මුදල රුපියල් 30,000 ක්.සියළු තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා පත්යන්ත පාලන ඒකකයේ පාලකවරයාගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීමේදී කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතයි.