වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කුසල් - Live Video

Dialog Sri Lanka Cricket Awards - LIVE
ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදි ආරම්භ විය. එහි පළමු සම්මානය වූ වසරේ ජාත්‍යන්තර විනිසුරු සම්මානය රුචිර පල්ලියගුරුගේ මහතාට හිමිවිය. වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක ලෙස රසල් ආනල්ඩ් සම්මාන ලැබීය. 2015 වසරේදී ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතාවන්ට අදාළව සම්මාන පිරිනමයි. වසීම් අක්‍රම් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්ව තිබේ.

වසරේ විස්සයි20 පන්දු යවන්නා - ලසිත් මාලිංග (මේ දේ මට නැතිව වෙන කෙනෙකුට ලැබුණානම් හොඳයි. පාදයේ ආබාධය නිසා වසරක් ක්‍රීඩා කළේ නෑ. ලබන වසරේ ජනවාරි මාසයේ විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවයි)

වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (කණ්ඩායම නැතිව කිසි දෙයක් ලබාගන්න බෑ. දකුණු අප්‍රිකානු තරගාවලියට ක්‍රීඩා කිරිම බලාපොරොත්තුවයි)
වසරේ විස්සයි20 පිතිකරු - තිලකරත්න ඩිල්ෂාන්
එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග
වසරේ එක්දින පිතිකරු - කුමාර් සංගක්කාර

වසරේ තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස්
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - රංගන හේරත්
වසරේ ටෙස්ට් පිතිකරු - දිනේෂ් චන්දිමාල් (හැම කෙනෙක්ම අමතක කරලා අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට මහන්සි වෙනවා. ආබාධය හොඳයි. දකුණු අප්‍රිකානු සංචාරයට එක්වීම බලාපොරොත්තුවයි)
වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - කුසල් මෙන්ඩිස්