හිසකෙස්‌ සුදුවීම වළක්‌වා ගන්නා හැටි

Hair Graying Home remedies solutions and treatments
ප්‍රශ්නය - ඉස්‌හොරි පිළිබඳ බටහිර වෛද්‍ය මතය කුමක්‌ද?

වෛද්‍ය කලුආරච්චි - සිංහල වෙදකමේ එන විදියටම ඉංගී්‍රසි වෙදකමේ කියන්නෙත් ඉස්‌හොරි කියන්නේ මියගිය චර්ම සෛල කොටසක්‌ බවයි. සාමාන්‍යයෙන් හිසේ චර්ම සෛල මියයනවා. එය ස්‌වභාවික තත්ත්වයක්‌. සාමාන්‍යයෙන් සබන් දියරයක්‌ ගා ස්‌නානය කරන විට වර්ග සෙන්ටිමීටරයකට චර්ම සෛල 487000 ක්‌ පමණ සේදී යනවා. මෙයත් සාමාන්‍ය තත්ත්වයක්‌. ඒත් සමහර අයගේ හිසේ චර්ම සෙන්ටිමීටරයකට සෛල අටලක්‍ෂයක්‌ විතර ගැලවී යනවා. මෙය අසාමාන්‍ය තත්ත්වයක්‌. බටහිර වෛද්‍යවරු Dandruff කියලා මෙය හඳුන්වනවා.

වැඩි දෙනා නොදන්නවාට ලෝක ජනතාවගෙන් 75% කට වැඩි පිරිසකට ඉස්‌හොරි තිබෙනවා. ගැහැනු හෝ පිරිමි අය වැඩිවිය පත් වීමෙන් පසුව තමයි ඉස්‌හොරි හටගන්නේ. මෙවිට ඉතා දරුණු ලෙස හිස කසන්නට පටන් ගන්නවා. ලොව පුරා තිබෙන පොදු අත්දැකීමේ හැටියට සීත Rතුවේදී ඉස්‌හොරි වැඩි වෙනවා. මෙය වයසත් සමඟ අඩුවෙමින් යන රෝගයක්‌. එහෙත් සමහරුන්ට මිය යන තුරුම ඉස්‌හොරි තිබෙනවා.

ප්‍රශ්නය - අකලට හිසකෙස්‌ පැසීම කියන්නේ වැඩි පිරිසකට තිබෙන දුෂ්කරතාවක්‌. මෙයට හේතුව කුමක්‌ද?

වෛද්‍ය කලුආරච්චි - හිසකෙස්‌ අකලට පැසීම වයස්‌ භේදයක්‌ නැතිව සිදුවෙනවා. සමහර කුඩා දරුවන්ගේ පවා කෙස්‌ සුදු පැහැ වෙනවා. මෙයට හේතු එකක්‌ හෝ කිහිපයක්‌ තිබෙන්න පුළුවන්. දිගුකාලීන පීනස, හිසේ සම ආශ්‍රිත වෙනත් රෝග මෙයට හේතු විය හැකියි.

කොහොම වුණත් විද්‍යාත්මක පදනමක්‌ මත මේ ගැන කතා කරන විට අපට පෙනී යන කාරණයක්‌ තමයි මෙලනින් ප්‍රශ්නය. කෙස්‌ ගසක වර්ණය තීරණය කරන්නේ එහි තිබෙන මෙලනින් අංශු මගින්. මෙලනින් අංශු අඩු වන තරමට හිස කෙසුත් සුදු පැහැ වෙනවා. මේ නිසා මූලික වශයෙන් විටමින් සහ ප්‍රොaටීන බහුල ආහාර මගින් හිසකෙසෙහි මෙලනින් අංශු බහුල කරගත යුතුයි.

ඊළඟ කාරණාව තමයි උරුමයෙන් එන ජානමය ගැටලු. සමහර පවුල්වල අයගේ හිස කෙස්‌ අකලට පැහෙනවා. මෙවැනි ප්‍රශ්නයක්‌ තිබෙන විට එය පරම්පරාවෙන් පරම්පරාවට යන අතර සුව කිරීමට දුෂ්කර වනවා.

මානසික ආතතියත් කළු කෙස්‌ අකාලයේ සුදු පැහැ වීමට හේතුවක්‌. අද වන විට හැමෝටම පාහේ මානසික ආතතිය තිබෙන නිසා අකලට කෙස්‌ පැසීම වැඩියි. මේ අනුව භාවනාවට හුරු වී මානසික ආතතිය අඩුකර ගන්නට හැකිනම් අකලට කෙස්‌ පැසීම යම් තාක්‌ දුරකට පාලනය කර ගන්නට පුළුවන්.

ඊළඟ හේතුව තමයි පෝෂ්‍යදායක ආහාර ඇඟට නොලැබීම. යකඩ, තඹ, අයඩින් වැනි ඛනිජ ද්‍රව්‍යයන්, බී විටමිනයන් ශරීරයට හිඟ වුණාම හිසකෙස්‌ අකාලයේ සුදු වෙන්නට පටන් ගන්නවා.

හිස කෙස්‌ සුදු වීමට බලපාන තවත් හේතුවක්‌ තමයි ක්‍ෂණික ආහාර ලුණු සහිත බදින ලද ක්‍ෂණික ආහාර හිසකෙස්‌වලට ඉතාම අගුණයි.

රසායනික ද්‍රව්‍ය සහ රූපාලංකරණ ද්‍රව්‍ය පමණ ඉක්‌මවා පාවිච්චි කිරීමත් අකලට හිස කෙස්‌ පැසීමට හේතුවක්‌. කොණ්‌ඩය ටින්ට්‌ කරන විට හිසට යොදන රසායනික ද්‍රව්‍ය මේ කාරණයේදී නරකටම බලපානවා. මේ නිසා හැම විටම හිසට යෙදිය යුත්තේ ශාකසාර නිෂ්පාදනයි. හිස කෙස්‌ සුදු කරන, තුනී කරන කෙස්‌ පැළීම ඉක්‌මන් කරවන ඊළඟ මාරයා තමයි දුම් බීම සහ මත්පැන්, දුම්කොළ සහ මද්‍යසාර කියන්නේ හිසකෙස්‌ විතරක්‌ නොව මුළු ශරීරයම විනාශ කරන දෙයක්‌.

කිසියම් රෝගයකට ගන්නා ඖෂධවල බලපෑම නිසාත් කළු කෙස්‌ සුදු වෙන්න පුළුවන්. ඒ අතර පරිසර දූෂණය සහ ආසාත්මිකතා නිසාත් කොණ්‌ඩය සුදු වෙනවා.

හිසකෙස්‌ සුදුවීම වළක්‌වා ගන්නා හැටි.

මේ සඳහා සරල ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවා. එයින් එකක්‌ තමයි දෙහි සහ නෙල්ලි මිශ්‍රණය. ලොකු දෙහි ගෙඩියක (ලෙමන් නම් වඩාත් හොඳයි) යුෂ අරගෙන වියළා කුඩු කරන ලද නෙල්ලි තේ හැදි හතරක්‌ පමණ එයට එකතු කර වතුර ස්‌වල්පයකුත් දමා ක්‍රීම් එකක්‌ මෙන් සාදාගෙන හිස කෙස්‌ මුල්වලට යන පරිදි ආලේප කර සම්බාහනය කළ යුතුයි. ඉන් පසු විනාඩි 20-25 ක්‌ පමණ එම මිශ්‍රණය හිසෙහි තැබීමට ඉඩ තැබිය යුතුයි. ඉන්පසු පිරිසිදු ජලයෙන් සෝදා හැරීම කළ යුතුයි. මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි මේ මිශ්‍රණය පාවිච්චි කරන අතරතුර මොනම හේතුවකටවත් සබන් සහ ශැම්පු වර්ග පාවිච්චි නොකිරීම.

නොමිලේ උපදෙස්‌ සඳහා 0766739977 -0777620948
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව