ජනතාව ගසා කන උකස් කඩවලට වැට බැඳේ

උකස් කඩවලට වැට බැඳේ
ජනතාව සූරාකමින් රට පුරා හතු පිපෙන්නා සේ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන බිහි වීම වැළැක්වීමට මෙවර අයවැයෙන් වැට බැඳ තිබෙන අතර, එක් උකස් ඒකකයක් සඳහා අය කරන වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

ග්‍රාමීය ජනතාව මූල්‍ය අපහසුතාවලදී සිය රන් භාණ්ඩ උකස් ගනුදෙනු මත යැපෙන අතර බොහෝ දුරට පාලනයක් රහිත උකස්කරුවන් විසින් මේ ජනතාව සූරාකෑමට ලක්වන බවට පැමිණිලි ගලා එන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ තත්ත්වය මැඬලීමට යෝජනා කළ මෙම ක්‍රියා මාර්ගය නිසා එමඟින් රජයේ ආදායම රුපියල් මිලියන 1000කින් වැඩි කර ගැනීමට ඇස්තමේන්තු කොට ඇතැයි ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.