දුමින්ද බැලීමට ගිය විනිසුරුවරිය අනිවාර්ය නිවාඩු

දුමින්ද
භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවට අදාළව මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය බවට චෝදනා එල්ල වූ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් මහත්මිය අනිවාර්ය නිවාඩු යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

අදාළ සිදුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයකින් පසුව කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් මහත්මිය පිළිබඳ එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.