කරූ ජයසූරියගේ බාලදියණිය දිවියෙන් සමුගනී

කරූ ජයසූරියගේ බාලදියණිය දිවියෙන් සමුගනී
කතානායක කරූ ජයසූරිය මහතාගේ බාලදියණිය මීට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇතැයි වාර්තා වේ.

මියයන විට ඇය ලන්ඩන් නුවර දී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියාය.ඇගේ අවාසනාවන්ත මරණයට හේතු වූයේ වසර 9 ක් තිස්සේ ඇයට වැළඳී තිබුණ පියයුරු පිළිකා රෝග තත්වයයි.
ඇය මිය යන විට හතළිස් වන වියෙහි පසු වුවා. ඇයගේ අන්තිම කැමැත්ත පරිදි අවසන් කටයුතු මහා බ්‍රිතාන්‍යයේදී සිදු කෙරෙනු ඇති.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධියද ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයෙන් (London School Of Economics) ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද දිනා ගත්තා.

අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන කිහිපයක කළමනාකරණ ශ්‍රේණියේ තනතුරු ගණනාවක් හෙබවූ ඇය මිය යන විට ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියා.

දෙදරු මවක් වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බ්‍රිතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයෙකු වූ මාටින් ඩිකර් මහතා (Martyn Dicker) සමගයි.