සිල් මාතාවට අතවර කළ නරුමයා රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගරයට නුදුරින් පිහිටි අතුරු මාර්ගයක පිඬු සිඟා වඩිමින් සිටි දසසිල් මාතාවකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් නිල්මිණි කේ. වීරසිංහ මහත්මිය නියෝග කළාය.

ඇඹිලිපිටිය නගරයට ආසන්නයේ පටු මාර්ගයක ඉකුත් 18 දින 43 හැවිරිදි සිල් මාතාවකට අතවර කර ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුමනපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සිල් මාතාව අතුරු මාර්ගයක පිඬුසිඟා වඩින අතරතුර සැකකරු යතුරු පැදියකින් එම මාර්ගයේ පැමිණ ඇත. පසුව ඔහු විසින් එම මාර්ගයේම පාළු නිවෙසක් අසලදී සිල් මාතාවට අතවර කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

අතවරයට පත් සිල් මාතාව ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය පිළිබඳව ඇඹිලිපිටිය පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වසන්ත සුමනපාල, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරි පො.පො. ශකිලා මහත්මිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.