පණ්ඩිත් අමදේව නමින් උදා ගම්මානයක්

පණ්ඩිත් අමදේව නමින් උදා ගම්මානයක්
අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ධර්වයාණෝ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් නමින් උදා ගම්මානයක් ඉදිකරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ, පසුගියදා (04) කුරුණෑගල දිස්ත්‍රික්කයේ එදිරිමනගම උදා ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.
අමරදේවයන් යනු මෙරට බිහිවූ ශ්‍රේෂඨ කලාකරුවකු බව සඳහන් කළ ඇමැතිවරයා ඉතාමත් ආදර්ශමත් ජීවිතයක් ගත කරමින් නිර්මාණ රැසක් අමරදේවයන් ජාතියට දායාද කළ බවද කීය. අමදේවයන් අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමත් සමග එතුමා නමින් උදා ගම්මානයක් ඉදිරි දින දහය තුළ ඉදිකිරීම් ආරම්භ කිරීමට තීරණය කළ බවද පැවසීය.

පණ්ඩිත් අමරදේවයන් නමින් ඉදිකරන උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.