අර්ජුන මහේන්ද්‍රන් යළි දිවයිනට

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් මහතා දිවයිනට පැමිණ තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්. 307 යානයෙන් ඔහු අද පස්වරු 4.08ට කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

මහබැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින ඔහු සිංගප්පූරුව බලාගොස් තිබිණ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා තිබුණේ සිය පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස්ගත වූ බවයි.

අර්ජුන මහේන්ද්‍රන් මහතා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඍජුවම වගකිව යුතු බවට කෝප් කමිටුව තීරණය කර තිබුණි.