රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය ඉහළට

රුපියල පිරිහීමෙන් රාජ්‍ය ණය කෝටි 14170 කින් නගී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි 13300 ක්‌ විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක්‌ වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ හැකි දේශීය ණය ප්‍රමාණය වැඩිවීමෙනි.

ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල කලක්‌ තිස්‌සේම පිරිහෙමින් තිබේ. මේ වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.150 ද ඉක්‌මවා ගොස්‌ තිබේ.

ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 28,500 කින් ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්‌වේ.