සේමිණිට පස් වසරකට පසු රඟපාන්න හිතිලා

සේමිණි ඉද්දමල්ගොඩ
සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රවීණ නිළියක්. ඇය ගැන තොරතුරක් පසුගිය දවස්වල අපිට අහන්න දකින්න නොලැබුණු තරම්. ඒ වගේ ම ඇය ටෙලිනාට්‍යයක් ඔස්සේ ද අප නෙතු නොගැ‍ටුණු තරම්. 

මේ හින්දම සේමිණී ගේ අලුත් ම තොරතුරු සොයා බලන්න අපි කටයුතු කළා. එවිට තමයි දැනගන්න ලැබුණේ වසර පහකට පස්සේ අලුත් ම ටෙලිනාට්‍ය රංගනයකින් ඇය ප්‍රේක්ෂකයා හමුවට ඒමට සූදානම් වන බව.

“වසර 5 කට පමණ පසුව අලුත් ම ටෙලිනාට්‍යයකට මම රංගනයෙන් දායක වුණා. ඒ ගිහාන් රෝහණ අධක්ෂණය කළ ‘මා ද නුඹමයි’ ටෙලිනාට්‍යයේ. මේ නාට්‍යයේ මම රඟපාන චරිතය තරමක් සංකීර්ණයි. අලුත විවාහ වී සැමියාගේ රැකියාව අහිමි වී පසුව සැමියා හිරේ විලංගුවේ වැටුණාම ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට සටන් කරන මධ්‍යම පාන්තික පවුලක ගැහැනියක වටා ගෙතෙන කතාවක් මෙය. මෙහි මේ ගැහැනු චරිතය වන ‘සලෝනි’ ගේ චරිතය තමයි මම රඟ දක්වන්නේ‍. මම හිතනවා මේ චරිතයට වගේ ම කතාවටත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා.”