ප්‍රභාකරන් තවම ඉන්නවා - වීඩියෝව

"Prabhakaran Will Be Back" - Tamil Diaspora Warned to Ven Ampitiye Sumanarathana Thero
අම්පිටියේ සුමනරතන හිමි පසුගිය දින ගණනාව පුරාම මෙරට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ප්‍රධාන චරිතයක්බවට පත් වුණා.

මඩකලපුවේ සිංහල ගම්වාසීන් පිරිසකට බලපා ඇති ගැටළුවක් මුල්කරගනිමින් එම ගම්වාසීන්ට සාධාරණය ඉටුකිරීමට නායකත්වය ගැනීමත් සමග උන්වහන්සේ හැසිරුණු ආකාරය පිළිබඳව විවිධ මත පළ වුණා.

ඇතැමෙකු පැවසූවේ උන්වහන්සේගේ හැසිරීම බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට නොගැලපෙන බව යි.

කෙසේ වෙතත් සුමනරතන හිමි පසුව පැවසූවේ තමන්ට දමිළ ඩයස්පෝරාවෙන් මරණ තර්ජන විශාල ගණනක් ලැබෙමින් පවතින බව යි.

මේ අතර සුමනරතන හිමිට ආමන්ත්‍රණය කරමින් නිකුත් කළ වීඩියෝවක් අන්තර්ජාලයේ විශේෂ අවධානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

යුද්ධය අවසානයේ දී ඝාතනයට ලක් වූ හිටපු LTTE ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ LTTE ලාංඡනය සහිත පසුබිමක සිට ද්‍රවිඩ ජාතිකයෙකු මෙම වීඩියෝවේ පෙනී සිටිනවා.

ඔහු පවසන්නේ සුමනරතන හිමි දෙමළ ජනයාගේ නායකයා නොවන බැවින් මේ ආකාරයෙන් කටයුතු කිරීමට උන්වහන්සේට කිසිදු අයිතියක් නොමැති බව යි.

එමෙන්ම ඔහු චෝදනා නගන්නේ සුමනරතන හිමි ත්‍රස්තවාදියෙකු බව යි.

ඒ අතරම, LTTE සංවිධානය යනු ත්‍රස්තවාදීන් නොවන බවත් ඔවුන් විමුක්ති සටන්කරුවන් බවත් එම පුද්ගලයා අවධාරණය කරනවා.

දෙමළ ජනතාව සමග ප්‍රශ්ණ ඇති නොකරගන්නා ලෙසත් ඔහු සුමනරතන හිමියන් වෙත පවසනවා.

මෙම දුර්වල ඉංග්‍රීසි භාවිතාවකින් මෙම වීඩියෝව අරඹන අතර වීඩියෝව අවසානයේ කැඩුණු සිංහල භාෂාවෙන් ද ඔහු අදහස් පළ කරනවා.

සිය නායකයාවන ප්‍රභාකරන් තවමත් සිටින බවත් ඔහු ලඟදීම නැවත පැමිණෙන බවත් ඔහු එහි දී පවසනවා.

වීඩියෝව පහතින්